ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (08) සිට ලබන 10 වනදා දක්වා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සංචාරය, වසර 38කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව ලෙස විශේෂත්වයක් ගනී.
සිය සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කරන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සමාලෝචනය කෙරේ.
මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණීම වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් සහ අවස්ථාවනූකූලව මාර්ග සීමා කිරීම් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය සඳහන් කරයි.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්