Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද දිවයිනට

4 hours ago

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (08) සිට ලබන 10 වනදා දක්වා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සංචාරය, වසර 38කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව ලෙස විශේෂත්වයක් ගනී.

සිය සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කරන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සමාලෝචනය කෙරේ.

මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණීම වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් සහ අවස්ථාවනූකූලව මාර්ග සීමා කිරීම් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *