රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට අවසර හිමිව තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබාදී ඇති අනුමැතියට අනුව ඔහුව පාර්ලිමේන්තුව වෙත රැගෙන යන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා තහවුරු කළේය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කතානායකවරයාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම අවසරය හිමිව ඇත.
මේ අතර ඊයේ දිනයේදී ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබුණි.

විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර
අල්ලස් කොමිසම චමල් රාජපක්ෂගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ 38 වසරක පොලිස් සේවය නිම කරයි
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
අද කාලගුණ නිවේදනය!
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද දිවයිනට
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි!
වාහනයක් ගන්න සිහින දකින්නන්ට සුබ ආරංචියක්!
පාර්ලිමේන්තු එන්න නාමල් කළ ඉල්ලීමට මැතිසබේ ලේකම් දැක්වූ ප්‍රතිචාර
හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්