බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නගර සභාවේ සිදු වූ මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධිය් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.
මේ පිළිබඳව මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනා සහ ලිපිකරුවන්ගෙන් සිදු කරන ලද විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
හිටපු නගරාධිපතිරවයා ඊයේ (09) රාත්රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා.
මේ වනවිට බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් ඔහුගෙන් ප්රශ්න කරමින් සිටිනවා.
සැකකාර හිටපු නගරාධිපතිවරයා අද (10) දින බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට