Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි

41 minutes ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ-469 දරන ගුවන් යානයෙන් කටුනායකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඊයේ (15) දිනයේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි ඇය, එම රෝහලේ සිටම කෙළින්ම ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.

ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මිය ද පිටත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත්, ගුවන් යානය පිටත්වීමේ අවසන් නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී එළැඹෙන සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මියව සිංගප්පූරුවේදී වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසු නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *