සෞදි අරාබියේ පවතින වත්මන් තත්ත්වය සලකා බලමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ ආරක්ෂිත උපදෙස් මාලාවක් ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මඟින් නිකුත් කර තිබේ.
ජංගම දුරකථනයට ජාතික හදිසි අනතුරු ඇඟවීමක් (National Warning Alert) ලැබුණු වහාම ගොඩනැගිල්ලක් තුළ ආරක්ෂිත ස්ථානයකට යොමුවන ලෙස දැනුම් දී ඇත.
මෙම උපදෙස් මාලාවට අනුව ජනේල, වීදුරු, බැල්කනි සහ පාලම්වලින් ඈත්ව සිටීම, මිනිසුන් ගැවසෙන ස්ථානවලට නොයාම, සිදුවීම් වීඩියෝ කිරීම හෝ සමාජ මාධ්‍ය වෙත එක්කිරීමෙන් වැළකීම සහ නිල නොවන තොරතුරු හුවමාරු නොකිරීම අනිවාර්ය වේ.
වාහන ධාවනය කරමින් සිටියදී අනතුරු ඇඟවීමක් ලැබුණහොත් සුදුසු ස්ථානයක වාහනය නවත්වා ආරක්ෂා වන ලෙසත්, හදිසි අවස්ථාවකදී මක්කා සහ මදීනා කලාපවල සිටින අය 911 අංකය ද අනෙකුත් ප්‍රදේශවල සිටින අය 998 අංකය ද අමතන ලෙසත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.


එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
නාමල් රාජපක්ෂ අද අධිකරණයට
ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්
හෙල්ල 5කට හානිවීම ගැන රුමේෂ්ගේ පියා හඬ අවදි කරයි
රොහාන් ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
මෙරට ආර්ථික වර්ධනය ගැන ඇසෙන අලුත්ම පුවත
පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය
දුම්රිය සේවයට තවත් එන්ජින් රියදුරු සහායකයින් 100 ක් බඳවා ගැනේ
හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්