Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල් රාජපක්ෂ අද අධිකරණයට

39 minutes ago

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන ලද නියෝගයකට අනුව මෙම ඉදිරිපත් කිරීම සිදු කෙරේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස මන්ත්‍රීවරයාව නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ උපදෙස් මත, එයාර් බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට අල්ලස් කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවල ද සැකකරුවෙකු ලෙස නම් කර ඇත. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *