Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්

24 hours ago

උපාධිධාරී ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන් වීමට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පසුගිය මැයි 24 වැනිදා පැවති මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 163,433 දෙනෙකු පෙනී සිටි බව වාර්තා වනවා.

එම විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව උපාධිධාරීන් 23,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් අතුරින් 15,000ක්ද, විවෘත පදනම යටතේ තවත් 8,000ක්ද සේවයට එක්කර ගැනීමට නියමිතයි.

මෙම බඳවා ගැනීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් මාසයේදී ඔවුන්ට පත්වීම් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 6,500ක්ද ලබන වසරේ පෙබරවාරි මාසය වන විට ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

මෙරට පාසල් පද්ධතිය තුළ මේ වන විට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 40,000 ඉක්මවා ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඒ අනුව අලුතින් බඳවා ගන්නා සියලුම ගුරුවරුන් දිවයින පුරා පුරප්පාඩු පවතින ජාතික සහ පළාත් පාසල් වෙත කඩිනමින් අනියුක්ත කිරීමට අපේක්ෂිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *