දිවයිනේ ප්‍රදේශ රැසකට අද (20) විටින් විට වැසි සහ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, හම්බන්තොට, මාතලේ දිස්ත්‍රික්කවල පැ.කි.මී. 30-40 දක්වා තරමක තද සුළං හමනු ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි
මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)