Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට

පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි

21 minutes ago

කිලිනොච්චිය, පරන්තන් මාර්ග බාධකයේදී රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සාහ කළ සැකකරුවන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව දෙස සිට යාපනය දක්වා ධාවනය වූ වැලි ටිපර් රථවල බලපත්‍ර පරීක්ෂා කිරීමේදී, භූ විද්‍යා හා පතල් කාර්යාංශය මඟින් නිකුත් කරනු ලබන වැලි ප්‍රවාහන බලපත්‍රයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලබන තීරුව අත්සන් නොකර සිටීමට මෙලෙස අල්ලස් ලබාදීමට උත්සාහ කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 29, 40 සහ 49 යන වයස්වල පසුවන වව්නියාව, රාමනාදපුරම්, ධර්මපුරම්, ආනන්දපුරම් සහ පුලෝලී යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *