Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි

28 minutes ago

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබාදීමේ විශේෂ වැඩසටහනේ පළමු අදියර ඊයේ (19) රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ විය.

පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ නොමිලේ ඇස් පරීක්ෂා කර කාච ලබාදීම ද සිදු කෙරිණි.

ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග ලෙස ලැබී ඇති ඇස් කණ්ණාඩි රාමු පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ අඩු ආදායම්ලාභී පුරවැසියන් වෙත නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත.

රටේ සියලු දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීම රජයේ අපේක්ෂාව වන අතර, ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

යහපත් කළමනාකාරීත්වය හේතුවෙන් පසුගිය වසර දෙක ඇතුළත ජනාධිපති අරමුදල 50%කින් ශක්තිමත් වී ඇති බවත්, එහි ප්‍රතිලාභ මේ වන විට රටේ සියලුම දරුවන්ට සහ අයිතිකරුවන්ට හිමිවන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *