එංගලන්තය සමග පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් පනවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාල වේලාව තුළ පන්දුවාර 3 ක් අඩුවෙන් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
පිටියේ විනිසුරුවන්ගේ දැනුම්දීම මත එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්රෝ විසින් මෙම දඩය පනවා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය මේ වනවිට එකට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවන අතර දෙරට අතර දෙවන එක්දින තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වීමට නියමිතයි.

පළාත් 8ක අද සිට දින තුනක් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවයි
ජපන් සහ රුමේනියා රැකියා අපේක්ෂිතයන් සඳහා නව නීතියක්
අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි
22 ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේ
භාණ්ඩාගාර බිල්පත් පොලියේ වැඩිවීමක්
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
ප්‍රදේශ රැසකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක්
ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
ඉලක්කයටත් එහා ගිය සැප්තැම්බර් රේගු ආදායම