වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු-මැද පළාත් සහ ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ අනතුරු ඇඟවීම හෙට (05) පෙරවරු 01.00 දක්වා වලංගු වනු ඇත.
මෙම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
මේ අතර මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
තවද මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරත් සඳහන් කරයි.

කොටස් වෙළෙඳපොළෙහි පසුබෑමක්
ඥානසාර හිමියන්ට සිර අංකයක් එක්ක ජම්පරය අන්දයි
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්
“මාව අත්අඩංගුවට ගන්න එපා” – ශිරන්ති රාජපක්ෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි
විවාහක සංචාරක රූ රැජින ව කිරුළ දිනූ නිමේෂා දිවයිනට
දිවයිනේ පළාත් 7කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්
එළැඹෙන වසරේ සිට පෙර පාසලටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
අධ්‍යාපනවේදීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නව ව්‍යවස්ථා සංශෝධනයක්?
ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක්
අද කාලගුණ නිවේදනය
කථානායකට එරෙහි සජබ විශ්වාසභංගය ගැන තීන්දුව අද