Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නියමිත දිනට නොආවොත් ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට?

12 hours ago

ලබා දී ඇති කාලසීමාව අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට අපොහොසත් වුවහොත්, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.

‘සිරිලිය’ පදනම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සැප්තැම්බර් 24 වැනිදා FCIDය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටින බැවින් ඒ සඳහා ඇය දින 14ක කාලයක් ඉල්ලා තිබිණි.

නියමිත වේලාවට FCIDය හමුවේ පෙනී නොසිටියහොත් ලබාගන්නා විදේශ ගමන් තහනම හේතුවෙන්, ඇය මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතී.

සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ඇය නැවත පැමිණෙන දිනය වෛද්‍ය අවශ්‍යතා මත තීරණය වන බවත්, නැවත පැමිණීමට ලබාදී ඇත්තේ තාවකාලික දිනයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *