Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විවාහක සංචාරක රූ රැජින ව කිරුළ දිනූ නිමේෂා දිවයිනට

7 hours ago

පිලිපීනයේ මැනිලා නුවර පැවැති 12 වන ලෝක විවාහක සංචාරක රූ රැජින – 2026 (Mrs Tourism World – 2026) තරගාවලියේ ප්‍රධාන කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් විය.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූ ඇගේ සැමියා වන මලිත් ගිහාන් විතාන මහතා තරගාවලියේ හොඳම සහායක සැමියා (Best Supporting Husband) සම්මානයෙන් පිදුම් ලැබීය.

රටවල් 20 ක විවාහක සංචාරක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 02 දක්වා පැවැති මෙම තරගාවලිය තුළ පැවැති අනු තරග රාශියක්ද ජයග්‍රහණය කිරීමට නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් වූවාය.

ජයග්‍රාහී නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ මලිත් ගිහාන් විතාන මහතා අද (05) අලුයම සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

ජාතික අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහ සමීපතම ඥාතීහු කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ජයග්‍රාහකයින් වෙනුවෙන් උණුසුම් පිළිගැනීමක් ලබා දුන්හ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *