ලබා දී ඇති කාලසීමාව අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට අපොහොසත් වුවහොත්, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.
‘සිරිලිය’ පදනම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සැප්තැම්බර් 24 වැනිදා FCIDය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටින බැවින් ඒ සඳහා ඇය දින 14ක කාලයක් ඉල්ලා තිබිණි.
නියමිත වේලාවට FCIDය හමුවේ පෙනී නොසිටියහොත් ලබාගන්නා විදේශ ගමන් තහනම හේතුවෙන්, ඇය මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතී.
සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ඇය නැවත පැමිණෙන දිනය වෛද්‍ය අවශ්‍යතා මත තීරණය වන බවත්, නැවත පැමිණීමට ලබාදී ඇත්තේ තාවකාලික දිනයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මහින්ද කහඳගම රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්
මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු සෙල්ලම් හෙළිවෙයි! හඬපටයකුත් එළියට!
ඉන්ධන මිල පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට
3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න
ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි
පෙම්වතිය අවසන් ගමන් යැවූ පෙම්වතාත් සියදිවි නසාගනී