පිලිපීනයේ මැනිලා නුවර පැවැති 12 වන ලෝක විවාහක සංචාරක රූ රැජින – 2026 (Mrs Tourism World – 2026) තරගාවලියේ ප්‍රධාන කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් විය.
මෙම තරගාවලිය සඳහා සහභාගී වූ ඇගේ සැමියා වන මලිත් ගිහාන් විතාන මහතා තරගාවලියේ හොඳම සහායක සැමියා (Best Supporting Husband) සම්මානයෙන් පිදුම් ලැබීය.
රටවල් 20 ක විවාහක සංචාරක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 02 දක්වා පැවැති මෙම තරගාවලිය තුළ පැවැති අනු තරග රාශියක්ද ජයග්‍රහණය කිරීමට නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් වූවාය.
ජයග්‍රාහී නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ මලිත් ගිහාන් විතාන මහතා අද (05) අලුයම සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
ජාතික අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහ සමීපතම ඥාතීහු කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ජයග්‍රාහකයින් වෙනුවෙන් උණුසුම් පිළිගැනීමක් ලබා දුන්හ.

මහින්ද කහඳගම රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්
මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු සෙල්ලම් හෙළිවෙයි! හඬපටයකුත් එළියට!
ඉන්ධන මිල පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට
3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න
ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි
පෙම්වතිය අවසන් ගමන් යැවූ පෙම්වතාත් සියදිවි නසාගනී