කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි එහි හිමිකරුගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 09 වන දින උදෑසන 07:40 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අදාළ අවන්හල ඉදිරිපිට දී එහි හිමිකරුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා පලා ගොස් තිබිණි.
එම ප්‍රහාරයෙන් අවන්හල් හිමිකරු එම ස්ථානයේදීම මියගිය අතර, බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය පැවසුවේ මියගිය කාන්තාව දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අයෙකු වන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තාවකාලිකව පාපන්දු තහනම්
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දුන් හේතුව හිටපු ජනපති රනිල් පළමුවරට හෙළිකරයි
පාකිස්ථාන – ශ්‍රී ලංකා දෙවන T20 තරගය අද
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ දෙවන දිනය අද
ඩොනල්ඩ් ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් පරාජයක්
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි
ඊළගට ජම්පරේ අන්දන්නේ මටලු – ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර විභාගයට දින නියම වෙයි
මෙට්‍රෝ බස්වලට හානි කරන අයට වැඩ වරදින ලකුණු
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්