සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ නියෝජිත මහාසංඝරත්න සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් මල්වතු මහාවිහාර පාර්ශ්වය විසින් සිදු කර තිබේ.
බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් මහානායක හිමිවරු මතු කළ කරුණු සාධාරණ බව පිළිගත් ජනාධිපතිතුමා, පවතින නීතිමය රාමුව තුළ වසර 03කට වැඩි කාලයක් සිරගත කිරීමට නියම වූ භික්ෂූන් සිවුරු පිටින් බාහිරට ගෙන යාම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන්ට නීතිමය බලයක් නැති බව මෙහිදි පෙන්වා දුන් බව අදාළ ලිපියේ සඳහන්ය.
ඒ අනුව, වසර 03කට වැඩි කාලයකට සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදාළ නිකාය හෝ පාර්ශ්වය වෙත දැනුම් දී, එම නිකායේ නිර්දේශ මත පමණක් ක්‍රියාත්මක වන පරිදි නව රෙගුලාසි මාලාවක් සකස් කිරීමට මහා සංඝරත්නය මෙහිදී යෝජනා කර තිබේ.
එම යෝජනාවට එකඟතාව පළ කළ ජනාධිපතිවරයා සති දෙකක් ඇතුළත අදාළ රෙගුලාසි සකස් කර අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්බව එම ලිපියේ සදහන්ය.

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර විභාගයට දින නියම වෙයි
මෙට්‍රෝ බස්වලට හානි කරන අයට වැඩ වරදින ලකුණු
සමාජ මාධ්‍යයේ පළවන විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාවක් ගැන හෙළිදරව්වක්
හිටපු ජනපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මිලියන 35ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ
විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්
ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි