සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැති පළමු තරගය කඩුලු 4කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.
රාවල්පිණ්ඩි හිදී පැවැති පළමු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් අගනා ඉනිමක් ගොඩනැගූ ළහිරු උදාර පන්දු 55කදී 4 පහර 11ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 91ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 183කි.
ලකුණු 183ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි
ඊළගට ජම්පරේ අන්දන්නේ මටලු – ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර විභාගයට දින නියම වෙයි
මෙට්‍රෝ බස්වලට හානි කරන අයට වැඩ වරදින ලකුණු
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්
සමාජ මාධ්‍යයේ පළවන විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාවක් ගැන හෙළිදරව්වක්
හිටපු ජනපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මිලියන 35ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ
විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්