බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ‘ඔර්නබ්’ ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ‘ඉතා ප්රබල සුළි කුණාටුවක්’ බවට පත්ව ඇති අතර, අද (27) අලුයම 02.30 වන විට කන්කසන්තුරේ සිට කි.මී. 890ක් ඊසාන දෙසින් (උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4°) කේන්ද්රගතව පැවතිණි.
මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් හෙට (28) පෙරවරු 11.30 වන විට ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ පවතී.
ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නැතත්, දිවයින හරහා ඇදී යන සුළං ප්රවාහය නිසා බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය දිස්ත්රික්කවලට මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැක.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ, ත්රිකුණාමලය සහ හම්බන්තොට ප්රදේශවලට පැ.කි.මී. 40-50 දක්වා තද සුළං අපේක්ෂා කෙරේ.
උතුරු අක්ෂාංශ 10-20 සහ නැගෙනහිර දේශාංශ 80-95 අතර මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 80-140 දක්වා ඉහළ යා හැකි අතර, රළ උස මීටර් 3.0-4.0 දක්වා ඉහළ යා හැක. නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම මුහුදු ප්රදේශවල සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසත් උපදෙස් දෙයි.

හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස
සුඛෝපභෝගී වාහන නඩුවට අදාළව ජොන්ස්ටන් වරද පිළිගනී! දඬුවම් නියම කිරීමට දින නියම වෙයි!
පොලිසියට ජනතාවගේ ජංගම දුරකථන පරීක්ෂා කළ හැකිද?
නාමල්ව නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
දරුවන් රැකගැනීමට නව නීති හා රෙගුලාසි හඳුන්වාදීමට පියවර
ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව
නීතිඥ සංගමය සිදුකළ ප්රකාශයට පොලිස් මාධ්ය ප්රකාශකගෙන් ප්රතිචාර
ඔර්නබ් ඉන්දියාවට කඩා වදී! ලංකාවට ඇති බලපෑම ගැන දැනුම්දීමක්!
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!