අන්තර්ජාලය ඔස්සේ වාහන අලෙවි කිරීමේ දැන්වීම් පළකර දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ 21 හැවිරිදි තරුණයෙකු හෝමාගම, මාවත්ගම ප්රදේශයේදී මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
Facebook ගිණුමක් ඔස්සේ වාහන අලෙවි කර දෙන බව පවසා, දැන්වීමක් පළ කිරීමට සතියකට රු. 5,000ක්, සති දෙකකට රු. 10,000ක් සහ මාසයකට රු. 15,000ක් බැගින් අයකර මුදල් ලබාගැනීමෙන් පසු දැන්වීම් පළ නොකර මුදල් වංචා කර ඇත.
සාපරාධී සාවද්ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම යන චෝදනා යටතේ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට
කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්රියාවිරහිත කරයි
ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්ය බවට වෛද්ය වාර්තාවක්
ගාලුමුවදොර අසල මාර්ගයේ සවිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගනී
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි
සත්ව ලෝලීන් කම්පාවට පත් කරමින් අසාධ්ය තත්ත්වයෙන් කුඹුරක ඇද වැටී සිටින ‘කාවන්තිස්ස’
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ අධිකරණයට
අද කාලගුණ නිවේදනය
යේමනයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්රහාරයක්! 5ක් මරුට!