Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වී කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්! අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි!

33 minutes ago

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘ඔර්නබ්’ ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ‘ඉතා ප්‍රබල සුළි කුණාටුවක්’ බවට පත්ව ඇති අතර, අද (27) අලුයම 02.30 වන විට කන්කසන්තුරේ සිට කි.මී. 890ක් ඊසාන දෙසින් (උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4°) කේන්ද්‍රගතව පැවතිණි.

මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් හෙට (28) පෙරවරු 11.30 වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ පවතී.

ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නැතත්, දිවයින හරහා ඇදී යන සුළං ප්‍රවාහය නිසා බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ප්‍රදේශවලට පැ.කි.මී. 40-50 දක්වා තද සුළං අපේක්ෂා කෙරේ.

උතුරු අක්ෂාංශ 10-20 සහ නැගෙනහිර දේශාංශ 80-95 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 80-140 දක්වා ඉහළ යා හැකි අතර, රළ උස මීටර් 3.0-4.0 දක්වා ඉහළ යා හැක. නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසත් උපදෙස් දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *