හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ තමන්ට උපලක්ෂණය කර ඇති ප්රකාශය තරයේ ප්රතික්ෂේප කරන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
නීතිඥ සංගමය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මියගිය තරුණයාගේ සිරුරේ දැඩි පහරදීම්වල සලකුණු ඇති බව පවුලේ අය පවසද්දී, සැකකරු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී ඇති බවට පොලිස් මාධ්ය ප්රකාශකවරයා පටහැනි ප්රකාශයක් කර ඇති බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක් ද නීතිඥ සංගමය ඉල්ලා සිටියේය.
නීතිඥ සංගමය සඳහන් කර ඇති පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්රකාශයක් සිදුකර නොමැති බවත්, නීතිඥ සංගමය විසින් මෙලෙස අසත්ය ප්රකාශයක් සිදුකිරීම පිළිබඳව තමන් කනගාටුවට පත්වන බවත් සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දරුවන් රැකගැනීමට නව නීති හා රෙගුලාසි හඳුන්වාදීමට පියවර
ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව
ඔර්නබ් ඉන්දියාවට කඩා වදී! ලංකාවට ඇති බලපෑම ගැන දැනුම්දීමක්!
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!
හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති
කොමර්ෂල් බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි
පාකිස්ථානය පරදවා සුපිරි ජයක් ලැබූ ශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
නවසීලන්තයේ ජාත්යන්තර ශිෂ්ය වීසා නීති දැඩි වෙයි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පහදයි