සමාජ මාධ්ය තුළ ජනප්රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීම වෙනුවෙන් නව නීති රීති හඳුන්වාදීමට පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය පවසයි.
දරුවන් අවදානම් ස්ථානවලට රැගෙන යාම, අසභ්ය වචන භාවිත කරවීම, වැඩිහිටි අන්තර්ගතයන් සහ ලිංගික වශයෙන් නිරාවරණය වන අන්තර්ගතයන් සඳහා යොදාගනිමින් දරුවන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව බරපතළ ලෙස අවදානමට ලක්කිරීම මෙහිදී අමාත්යවරියගේ දැඩි අවධානයට ලක් විය.
දරුවෙකුගේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීමට දෙමාපියන්ට පවා අයිතියක් නොමැති බවත්, දෙමාපියන්ගේ වගකීම් විරහිත භාවිතය නිසා දරුවන් අවදානමට ලක්වන්නේ නම් ඔවුන්ව ආරක්ෂිත භාරකාරත්වයන් යටතට පත් කිරීමට පියවර ගන්නා බවත් ඇය අවධාරණය කළාය.
දරුවන්ට හිතකර මාධ්ය සංස්කෘතියක් උදෙසා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමඟ එක්ව සකස් කරන මාර්ගෝපදේශ සංග්රහය අවසන් අදියරේ පවතී. ප්රංශය සහ කැලිෆෝනියාව වැනි රටවල මෙන් දරුවන් සමාජ මාධ්යයෙන් උපයන ආදායම් සුරක්ෂිත කිරීම සහ යොදාගන්නා කාලය සීමා කිරීම ඇතුළත් ජාත්යන්තර ප්රමිතීන් මෙරටට ද හඳුන්වා දීමට අපේක්ෂිතය.


ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව
නීතිඥ සංගමය සිදුකළ ප්රකාශයට පොලිස් මාධ්ය ප්රකාශකගෙන් ප්රතිචාර
ඔර්නබ් ඉන්දියාවට කඩා වදී! ලංකාවට ඇති බලපෑම ගැන දැනුම්දීමක්!
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!
හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති
කොමර්ෂල් බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි
පාකිස්ථානය පරදවා සුපිරි ජයක් ලැබූ ශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
නවසීලන්තයේ ජාත්යන්තර ශිෂ්ය වීසා නීති දැඩි වෙයි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පහදයි