ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා වන 14 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය එරට ක්රීඩා තේරීම් කමිටුව විසින් නම් කර ඇත.
බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති මෙම සංචිතය සඳහා වෙනස්කම් කිහිපයක්ම සිදු කර ඇත.
ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ පැවැති එංගලන්ත සංචාරය අතරතුරදී කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබ සිටි සල්මන් අලි අගා සහ අලි උස්මාන් යළිත් කණ්ඩායමට කැඳවා තිබේ.
මීට අමතරව දේශීය තරගබිමේ දස්කම් අතරට පිවිසි නවක ක්රීඩකයින් තිදෙනෙකුටද මෙම සංචිතයේ පළමු වරට ඉඩ ලබා දී තිබීම විශේෂත්වයකි.
ඒ අනුව 26 හැවිරිදි තුන්ඉරියව් ක්රීඩක මොහොමඩ් ටහා, මැදපෙළ පිතිකරුවෙකු වන 27 හැවිරිදි මොහොමඩ් සුලේමාන් සහ 19 හැවිරිදි ආරම්භක පිතිකරුවෙකු වන සමීර් මින්හාස් යන ක්රීඩකයින් නවකයන් ලෙස සංචිතයට එක්කර ඇත.
දෙරට අතර පළමු තරගය එළැඹෙන නොවැම්බර් 9 වැනිදා රාවල්පින්ඩිහිදී ආරම්භ වීමට නියමිතය. එමෙන්ම දෙවන හා අවසන් තරගය නොවැම්බර් 17 සිට 21 දක්වා ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය
බාබර් අසාම් (නායක), අබ්දුල්ලා ෆසාල්, අලි උස්මාන්, අරෆත් මින්හාස්, අසාන් අවායිස්, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් ගාසි ගෝරි (කඩුලු රකින්නෙකු), මොහොමඩ් සුලේමාන්, මොහොමඩ් ටාහා, රසාවුල්ලා, සාද් බෙග් (කඩුලු රකින්නෙකු), සල්මන් අලි අගා, සමීර් ෂා මින්හාස්, සවුඩ් බේග්

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි