Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක්

1 day ago

PHP පරිගණක භාෂාව භාවිතයෙන් සංවර්ධනය කරන ලද වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල පවතින ආරක්ෂක දුර්වලතා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා, ව්‍යාවස්ථාපිත ආයතන සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේකය යොමු කර ඇත.

මෙරට 70%කට වැඩි රාජ්‍ය ආයතන වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය සඳහා PHP භාෂාව භාවිත කර ඇති බැවින්, හඳුනාගෙන ඇති ආරක්ෂක දුර්වලතා කෙරෙහි වහාම අවධානය යොමු කරන ලෙස අමාත්‍යාංශය දන්වා තිබේ.

මෙම ආරක්ෂක දුර්වලතා හේතුවෙන් අනවසරයෙන් පද්ධති වෙත ප්‍රවේශ වීමේ, දත්ත සොරකම් කිරීමේ සහ පද්ධති ක්‍රියාකාරීත්වයට බාධා ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව අදාළ චක්‍රලේඛයේ පෙන්වා දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *