Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

“ඔර්නබ්” හෙට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වනු ඇති බවට රතු නිවේදනයක්

2 minutes ago

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “ඔර්නබ්” සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ මෙන්ම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (26) රාත්‍රී 8.00 ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු වේ.

“ඔර්නබ්” සුළි කුණාටුවේ වත්මන් තත්ත්වය සහ ගමන්මග

අද දින පස්වරු 2.30 වන විට කන්කසන්තුරයේ සිට කි.මී. 1,050 පමණ ඊශාන දෙසින් කේන්ද්‍රගතව පැවති මෙම සුළි කුණාටුව, ඉදිරියේදී තවදුරටත් වර්ධනය වෙමින් හෙට (27) වන විට “ඉතා චණ්ඩ සුළි කුණාටුවක්” බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අනතුරුව එය අනිද්දා (28) පෙ.ව. 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශය හරහා වෙරළ තීරයට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

බහුදින ධීවර යාත්‍රා සඳහා විශේෂ අනතුරු ඇඟවීම්

අදාළ අවදානම් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 80 – 100 දක්වා ඉහළ යා හැකි අතර දැඩි ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මුහුදු රළ මීටර් 3.0 – 4.0 ක් පමණ ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇත.

උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් නැවත දැනුම් දෙන තුරු එම කටයුතුවලින් වැළකී වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා ළඟා වන ලෙස දන්වා සිටියි.

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා

කොළඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට, පොතුවිල්, මඩකලපුව හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 – 65 දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශ ඉතා රළු වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5 පමණ ඉහළ යා හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළඟේ වේගය පැ.කි.මී. 60 – 70 දක්වා තාවකාලිකව වැඩි විය හැක.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *