Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

12 minutes ago

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

ඒ අදාළ මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කිරීමෙන් අනතුරුවයි.

පොලිසිය පැවසුවේ පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දුන් බවය.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙකි.

අදාළ සැකකරු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *