Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පහදයි

7 minutes ago

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම යනු පූජා භූමි නගරය සංවර්ධනය, සංරක්ෂණ්‍ය කිරීම සඳහා ගෙන එන වැඩසටහනක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මේ වන විට සමාජයේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් පවතින ආන්දෝලනාත්මක මත සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

මෙම වැඩසටහන සඳහා අටමස්ථානාධිපති හිමි ඇතුළු නායක ස්වාමීන්වහස්නේලා හත්නම මෙන්ම රජයේ දෙපාර්තමේන්තු රැසක් එක්ව මෙම සැලසුම් සකස් කළ බවත් පැවසූ අමාත්‍යයරයා මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාද එක්ව සාකච්ඡා පැවැත්වූ බවත් සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම වැඩසටහන මගින් පූජා භූමිය තුළ අන් කිසිවක් සිදුනොවන බවත් පැවසූ අමාත්‍යවරයා සමාජයේ මේ සම්බන්ධව යම් විවිධ පාර්ශ්වයන් මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් පවතින බවද පැවසීය.

පූජා භූමි සංවර්ධන සැලැස්ම යටතේ ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමක් සිදුවන්නේදැයි මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයා වෙත මෙහිදී පැනයක් යොමු කළ අතර එහිදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි කිසිවක් සිදු නොවනු ඇති බවය.

කෙසේ නමුත් පූජා භූමි සංවර්ධන සැලැස්ම යටතේ අනවසර පදිංචිකරුවන් සිටීනම් ඔවුන්ට වෙනත් ස්ථානයක පදිංචි කරවීමට අවශ්‍ය කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

“මේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ අති ගෞරවණීය අටමස්ථානානයේ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා හත්නම ඇතුළුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඒ වගේම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අපේ නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්, පොලිස්පති. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික අරමුදල ඇතුළු මේ සියලු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ අපේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන්. එතකොට මේ පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්. මේක මාස කිහිපයකට කළින් තමයි සාකච්ඡාව ආරම්භ වුණේ, ඒ පිළිබඳව සැලසුම් සකස් කරන්නත් ඉදිරිපත් වුණේ, ජනාධිපතිතුමත් අවස්ථා කිහිපයකදී මේකට සම්බන්ධ වුණා. ඒ සාකච්ඡාවට අපේ අතිගෞරවණීය අටමස්ථානාධිපති නායක හාමුදුරුවොත් සම්බන්ධ වුණා. මේක මේ පූජා නගරය සංවර්ධනය, සංරක්ෂණය කිරීම සඳහා ගෙන වන වැඩසටහනක්.  හැබැයි ඔබට පේනවා මේ විහාරමහාදේවියේ හිටපු ටීම් එකම දැන් ටක් ගාලා එතන ඉවර වෙච්ච ගමන් පනිනවා මේ වැඩේට. මේ අයට තියෙන්නේ රට අස්ථාවර කරන වැඩසටහනක් මිසක් ජනතාව තුළ ජාති, ආගම පදනම් කරගෙන සැක සංකා ඇති කිරීමේ වැඩසටහනක් මිසක් එහෙම දේශපාලනයක් නෑ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *