Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති

19 minutes ago

ධීවර කර්මාන්තය යැපුම් ආර්ථිකයෙන් ඔබ්බට ගෙන ගොස් වාණිජ කර්මාන්තයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

ඒ සඳහා අවශ්‍ය නව ආයෝජන සිදු කිරීමට සියලු පහසුකම් සැපයීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

ධීවර කර්මාන්තයේ දියුණුව සඳහා ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳ විධිමත් සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙසද ඔහු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ධීවර ප්‍රජාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *