ඇපල් සමාගම (Apple) විසින් අලුතින්ම වෙළෙඳපොළට නිකුත් කරන ලද, එම සමාගමේ පළමු නම්යශීලී දුරකථනය (Foldable Phone) වන iPhone Duo මාදිලියේ ඇතැම් තිරවල දෝෂ පවතින බව තහවුරු වී ඇති අතර, අදාළ දෝෂ සහිත දුරකථන වෙනුවට අලුත් දුරකථන ලබාදීමට පියවර ගන්නා බව ඇපල් සමාගම ප්රකාශ කරයි.
පසුගිය සතියේ වෙළෙඳපොළට නිකුත් කළ මෙම දුරකථන මාදිලිය මිනිත්තු කිහිපයක් ඇතුළත අන්තර්ජාලය ඔස්සේ විකිණී අවසන් වූ අතර, පොතක් මෙන් නැමිය හැකි සංකීර්ණ තාක්ෂණය නිසා මෙහි සැපයුම් සීමා සහිත වනු ඇති බව විශ්ලේෂකයෝ පවසති. කෙසේ වෙතත්, දුරකථනය නැමෙන මැද ස්ථානය ආශ්රිත ඇතුළු තිරයේ පැලුම් සහ රේඛා මතුවන බවට සති අන්තයේ සමාජ මාධ්ය ඔස්සේ පාරිභෝගිකයින් පෙන්වා දී තිබිණි.
මේ සම්බන්ධයෙන් ප්රකාශයක් නිකුත් කරමින් ඇපල් සමාගම සඳහන් කළේ, අතළොස්සක් වූ iPhone Duo මාදිලිවල මෙම ගැටලුව පවතින බවත්, යම් හෙයකින් පාරිභෝගිකයෙකුට මෙවැනි ගැටලුවකට මුහුණදීමට සිදුවුවහොත් AppleCare හරහා නොමිලේම දුරකථනය මාරුකර ගැනීමට කටයුතු කරන ලෙසත්ය.
තාක්ෂණික අලුත්වැඩියා ආයතනයක් වන iFixit සිදුකළ පරීක්ෂණවලට අනුව, තිරයට යටින් දිවෙන කේබලයක් සහ මධ්යම ආධාරක තීරුව ආසන්නයේ මෙම දෝෂ හටගන්නා බව සොයාගෙන ඇත. දුරකථනය නමන අවස්ථාවේදී අදාළ ආධාරක තීරුව නිසිලෙස ඉවත් නොවීමෙන් තිරය මත ඇතිවන අධික තදබදය මෙම බිඳීමට හේතුවන බව ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ ඇපල් සමාගම වහාම ක්රියාත්මක වී දෝෂ සහිත දුරකථන මාරුකර දීමට පියවර ගැනීම යහපත් ප්රවේශයක් බව වෙළෙඳපොළ පර්යේෂණ ආයතනයක් වන IDCහි උප සභාපති ෆ්රැන්සිස්කෝ ජෙරෝනිමෝ (Francisco Jeronimo) සඳහන් කරයි.

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති
කොමර්ෂල් බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි
පාකිස්ථානය පරදවා සුපිරි ජයක් ලැබූ ශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
නවසීලන්තයේ ජාත්යන්තර ශිෂ්ය වීසා නීති දැඩි වෙයි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පහදයි
වතුර බාල්දියකට වැටී අවුරුද්දක සිඟිත්තෙකුට දිවි අහිමි වෙයි
ඩොලරයේ විකුණුම් මිල රු. 337 ආසන්නයට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය සහ තුවාල ලැබූ නිලධාරීන්ට විශේෂ වන්දියක්
ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්! නීතිඥයින් නාමල්ට ඇප ඉල්ලයි!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්