Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුඛෝපභෝගී වාහන නඩුවට අදාළව ජොන්ස්ටන් වරද පිළිගනී! දඬුවම් නියම කිරීමට දින නියම වෙයි!

9 minutes ago

බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොළඹ හිල්ටන් හෝටලයේ රථගාලක නවතා තිබී සොයාගත්, ලියාපදිංචි නොකළ සහ ව්‍යාජ අංක තහඩු යොදවා තිබූ BMW වර්ගයේ මෝටර් රථයකට අදාළව
රථවාහන පනත උල්ලංඝනය කිරීම, මෝටර් රථ ලියාපදිංචි නොකිරීම, ව්‍යාජ ලියාපදිංචි අංක තහඩු භාවිතය සහ බදු පැහැර හරිමින් නීතිවිරෝධී ලෙස වාහන ගෙන්වීම යනාදී චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට නඩු ගොනුකර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුවට අදාළව දඬුවම් නියම කිරීම සඳහා නඩුව ලබන නොවැම්බර් මස 11 දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *