Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘අස්වැසුම’ ප්‍රතිලාභී ලැයිස්තුවෙන් පවුල් ලක්ෂ 14ක් කපයි

46 minutes ago

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ‘අස්වැසුම’ වැඩසටහනේ නව ක්‍රමවේදය යටතේ සිදුකළ තොරතුරු යථාවත් කිරීමෙන් පසු ප්‍රතිලාභීන් 1,391,830 දෙනෙකු (ලක්ෂ 14කට ආසන්න සංඛ්‍යාවක්) ප්‍රතිලාභී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

2025.12.15 දිනැති අංක 2497/03 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ ‘අන්ත දිළිඳු’ සහ ‘දිළිඳු’ යන කාණ්ඩ දෙක සඳහා පමණි.

  • අන්ත දිළිඳු කාණ්ඩය (රු. 17,500 දීමනාව): ප්‍රතිලාභීන් 363,142ක්.
  • දිළිඳු කාණ්ඩය (රු. 10,000 දීමනාව): ප්‍රතිලාභීන් 628,658ක්.
  • ඒ අනුව පළමු ලේඛනය යටතේ සමස්තයක් වශයෙන් පවුල් 991,800ක් සුදුසුකම් ලබා ඇත.

එළඹෙන දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත දෙවන නාම ලේඛනය සඳහා පවුල් 740,127ක් තෝරාගැනීමට නියමිතය. වත්මන් ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති අතර, ඊට අදාළ අභියාචනා හෝ විරෝධතා හෙට (29) සිට නොවැම්බර් 11 වනදා දක්වා ඉදිරිපත් කළ හැක.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *