අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටියදී පලායාමට කුමන්ත්රණය කිරීම ඇතුළු චෝදනා ලැබ සිටින නදුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුගේ ඇප ඉල්ලීම් සහ තවත් විත්තිකරුවන් 2 දෙනෙකු නිදහස් කිරීමට කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද (29) ප්රතික්ෂේප කළේය.
විත්තිකරුවන්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට මහාධිකරණය දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඇපෑලක් යොමුකර ඇති බැවින්, මෙම අවස්ථාවේදී ඇප හෝ නිදහස් කිරීම් සලකා බැලිය නොහැකි බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
Online හරහා අධිකරණයට ඉදිරිපත් කළ හරක් කටා, තමා ආතරයිටීස් රෝගයෙන් පෙළෙන බවත් පාදයේ ආබාධයට ප්රතිකාර සඳහා රෝහල්ගත කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ අනුව විත්තිකරුට අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා වැලිසර බන්ධනාගාරයට නියෝග කළේය.
මෙම නඩුව යළි කැඳවීම සඳහා පෙබරවාරි මස 17 වනදාට නියම කෙරිණි.

ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළට
වෑන් රථයක් සහ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක්
නාමල්ගේ මුදල් විශුද්ධීකරණ නඩුව කල්යයි
විදෙස්ගත ශ්රමිකයන් ගැන ජනපති ගත් තීරණය
‘අස්වැසුම’ ප්රතිලාභී ලැයිස්තුවෙන් පවුල් ලක්ෂ 14ක් කපයි
රජයේ නව පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය
අද කාලගුණ නිවේදනය
හෝමාගම පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද! බිරිඳ ඇතුළු පස් දෙනෙකුට අධිකරණ නියෝගයක්!
හෝමාගම පොලිසියේ HQIගේ වැඩ තහනම් කරයි
ක්රිකට් ක්රිඩකයන්ට රතු එළි! වසරටම පිටරට ලීග් දෙකයි!
අසමසම කුසලතාවලින් ලෝකය ජයගත් වෛද්ය උදාර කුලරත්න මහතා මතකයන් පමණක් ඉතිරි කර දිවියෙන් සමුගනී
කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට සතුටු දවසක්