Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

42 minutes ago

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා ලැබ සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුගේ ඇප ඉල්ලීම් සහ තවත් විත්තිකරුවන් 2 දෙනෙකු නිදහස් කිරීමට කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද (29) ප්‍රතික්ෂේප කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට මහාධිකරණය දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඇපෑලක් යොමුකර ඇති බැවින්, මෙම අවස්ථාවේදී ඇප හෝ නිදහස් කිරීම් සලකා බැලිය නොහැකි බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

Online හරහා අධිකරණයට ඉදිරිපත් කළ හරක් කටා, තමා ආතරයිටීස් රෝගයෙන් පෙළෙන බවත් පාදයේ ආබාධයට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ අනුව විත්තිකරුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා වැලිසර බන්ධනාගාරයට නියෝග කළේය.

මෙම නඩුව යළි කැඳවීම සඳහා පෙබරවාරි මස 17 වනදාට නියම කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *