Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල්ගේ මුදල් විශුද්ධීකරණ නඩුව කල්යයි

40 minutes ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කර මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කළ බවට නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

යහපාලන රජය සමයේ ආරම්භ වූ මෙම විමර්ශනය 2016 වසරේදී අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ නඩුව කැඳවූ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි. ඇප මත සිටින සුජානි බෝගොල්ලාගම, නිත්‍ය සමරනායක සහ සුදර්ශන බණ්ඩාර යන සෙසු සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

නීතිපති උපදෙස්වල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, මෙම නඩුකරය ලබන පෙබරවාරි මස 11 වනදා යළි කැඳවීමට නියම කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *