Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක්

36 minutes ago

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ කුඩා වෑන් රථයක් සහ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (29) උදෑසන සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

අනතුරින් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබයි.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කෑගල්ල පොලිස් රථවාහන අංශය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *