Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනුරාධපුර පූජා භූමි සංවර්ධනය ගැන ජනපති ගත් තීරණය

22 hours ago

අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒකාබද්ධ උරුම සංරක්ෂණය, කළමනාකරණය, සැලසුම්කරණය සහ සංවර්ධනය පිළිබඳ තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් විශේෂ ජනාධිපති උපදේශක සභාවක් පිහිටුවා තිබේ.

වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී, අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමිපාණන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙහි සම සභාපතිවරු ලෙස කටයුතු කරති.

මහා සංඝරත්නය, රේඛීය ආයතනවල අධ්‍යක්ෂ ජනරාල්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ විද්වතුන් ඇතුළු 32 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව මගින් පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් සුරකිමින් අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු ඒකාබද්ධව මෙහෙයවීමට කටයුතු කරනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *