පාසල යනු හුදෙක් විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන ස්ථානයක් නොවන බවත්, නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ජීවිතයට වටිනාකම් දරුවන් තුළ වර්ධනය කරන වැදගත් ස්ථානයක් බවට පාසල පත්විය යුතු බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
විභාගවලින් ඉහළ ප්රතිඵල ලබන දරුවන්ට අමතරව ක්රීඩා, කලා සහ විෂය සමගාමී ක්ෂේත්රවල දක්ෂතා දක්වන්නන් ද ඇගයිය යුතු බව පැවසූ අග්රාමාත්යවරිය, උසස් පෙළ ශ්රේණිවල පිරිමි දරුවන් පාසල් අධ්යාපන පද්ධතියෙන් ක්රමයෙන් ගිලිහී යාම කෙරෙහි බලපාන හේතු ගැඹුරින් සොයා බැලිය යුතු බව අවධාරණය කළාය.
දරුවන්ට ආදරය, රැකවරණය සහ සමාජය තුළ සාර්ථකව ජීවත්වීමට අවශ්ය කුසලතා පාසලෙන් ලබාදිය යුතු අතර, දරුවන් පාසල තුළ රඳවාගත හැකි ආකර්ෂණීය හා සහායක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම පාසල් පද්ධතියේ වගකීමක් බව ඇය පෙන්වා දුන්නාය.
වේගයෙන් වෙනස් වන ලෝකයක හුදෙක් පොතපතේ දැනුමට හෝ ඩිජිටල් උපාංගවලට පමණක් ජීවිතය සීමා නොකර, ජීවිත කාලය පුරා ඉගෙන ගැනීමට සහ සමාජය තේරුම් ගැනීමට ඇති ශක්යතාව වර්ධනය කරගත යුතු බවද අග්රාමාත්යවරිය සඳහන් කළාය.

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්ය වන අවස්ථා මෙන්න!
17 වනදා මුළු රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
තමන්ට අපහාස කරන සමාජ මාධ්යවලට ඇමති සෙනෙවිගෙන් රතු එළි
Gen Z ඉලක්ක කරගනිමින් රනිල්ගෙන් නව දේශපාලන ගේමක්
RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි
රුපියල් මිලියන 100ක් ඉල්ලා සරත් වීරසේකරගෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක්
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සාමාජිකයන් පත් කෙරේ
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාවට ඇමතිගෙන් පිළිතුරු