Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තමන්ට අපහාස කරන සමාජ මාධ්‍යවලට ඇමති සෙනෙවිගෙන් රතු එළි

13 minutes ago

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිණිදුම සුනිල් සෙනෙවි මහතාට අපහාස කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු සංසරණය වන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

හඳුනාගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු විසින් මෙම ව්‍යාජ තොරතුරු නිර්මාණය කර මුදා හැර ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ගුණරත්න වික්‍රමතිලක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

වත්මන් අමාත්‍යවරයා බුද්ධ ශාසනයට හෝ දේපළවලට අගෞරව කර ඇති ආකාරයට හඟවමින් ප්‍රචාරය වන සියලු කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙලෙස හිතාමතාම අසත්‍ය තොරතුරු පතුරුවා හරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *