Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්‍ය වන අවස්ථා මෙන්න!

13 minutes ago

නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම හෙට (01) සිට අනිවාර්ය කර තිබේ.

ඒ අනුව බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර TIN අංකය වලංගු බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවය.

TIN අංකයක් මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා තහවුරු කරගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.

තහවුරු කිරීම සාර්ථකව සිදු වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව දැක්වෙන මුද්‍රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින් TIN අංකය ලබා ගැනීම අත්‍යවශ්‍ය වුවද එම සියලු දෙනා බදු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා අසත්‍ය බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් පුද්ගලයෙකුගේ වාර්ශික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නම් පමණක් එම පුද්ගලයා බදු ගෙවිය යුතු බවය.

එමෙන්ම මේ වන විට මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුරවැසියන්ගෙන් මිලියන 13කට ආසන්න ප්‍රමාණයක් TIN අංකය ලබා ගෙන ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *