Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Binance ක්‍රිප්ටෝ හුවමාරුවට හැකර් ප්‍රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!

12 minutes ago

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන Binance වෙතින් ඩොලර් බිලියන 6.3 ක දැවැන්ත මුදලක් හැකර්වරුන් විසින් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මෙය ඉතිහාසයේ විශාලතම ක්‍රිප්ටෝ සොරකම ලෙස සැලකෙන අතර, මෙම ප්‍රහාරය පිටුපස උතුරු කොරියාව සිටින බවට TRM Labs සහ Chainalysis යන ඇමරිකානු blockchain විශ්ලේෂණ සමාගම් ඉහළ විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කර සිටින බව අදාළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රාථමික පරීක්ෂණවලට අනුව, Binance ඉංජිනේරුවෙකුගේ ලැප්ටොප් පරිගණකයකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හරහා පද්ධතියට ඇතුළු වී මෙම අනවසර මුදල් අත්පත් කර ගැනීමට හැකර්වරුන් සමත් වී ඇති බව වාර්තා වේ.

මේ අතර තම පාරිභෝගිකයන්ගේ මුදල් සුරක්ෂිත බවත්, සිදු වූ සියලුම අලාභයන් සමාගම් අරමුදල් සහ විශේෂ ආරක්ෂිත අරමුදල (Secure Asset Fund) මගින් සම්පූර්ණයෙන්ම පියවන බවත් Binance හි සම-ප්‍රධාන විධායක නිලධාරී තෙං (Teng) තහවුරු කර ඇත.

Tether, Circle, World Liberty Financial සහ Ripple වැනි ආයතනවල සහය ඇතිව සොරකම් කරන ලද අත්පත් කරගත් මුදල්වලින් ඩොලර් බිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් අත්හිටුවීමට (freeze) හැකි වී ඇති බව Binance නිවේදනය කර සිටී.

මුදල් ආපසු ගැනීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඉදිරි පැය 45 ඇතුළත ඒවා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනයක් නිකුත් කරමින් Binance සඳහන් කරයි. මෙම පුවතත් සමඟ Bitcoin, Ether ඇතුළු ක්‍රිප්ටෝ මුදල් ඒකකවල වටිනාකම් පහළ යාමක් සිදුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *