Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසටහන් සකස් කිරීමට චක්‍රලේඛයක්

1 hour ago

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සන් යුතුව මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත.

නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේදී පළමු ශ්‍රේණියෙන් ආරම්භ වී ඇති අතර 2027 වර්ෂයේදී දෙවන සහ හයවන ශ්‍රේණි සඳහාත්, 2028 වර්ෂයේදී තුන්වන සහ හත්වන ශ්‍රේණි සඳහාත් නව විෂයමාලා හඳුන්වාදීමට නියමිතව තිබේ.

2029 වර්ෂයේදී හතරවන, අටවන සහ දහවන ශ්‍රේණි සඳහාත්, 2030 වර්ෂයේදී පස්වන, නවවන සහ එකොළොස්වන ශ්‍රේණි සඳහාත් නව විෂයමාලා හඳුන්වාදීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ ද්විතීයික ශ්‍රේණි සඳහා නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 2031 වර්ෂයේදී දොළොස්වන ශ්‍රේණියට හඳුන්වාදීමට නියමිත අතර, එම විෂය නිර්දේශය හදාරන සිසුන් පළමු වරට 2033 වර්ෂයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බව ද එහි දැක්වේ.

නව විෂයමාලා හඳුන්වාදීමේදී ඇතැම් ශ්‍රේණි සඳහා එනම්   2027 වර්ෂයේ දී 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ද, 2028 වර්ෂයේ දී 4 සහ 5 ශ්‍රේණි සඳහා ද, 2029 වර්ෂයේ දී 5 ශ්‍රේණිය සඳහා ද, පැරණි විෂයමාලාව ක්‍රියාත්මක වේ.

ඒ අනුව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අදාළ වසරවල විෂයමාලා හඳුන්වාදීමේ සැලැස්ම සැලකිල්ලට ගනිමින් පාසල් කාලසටහන් සකස් කළ යුතු බවටද උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *