මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති විශ්ලේෂණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමේදී වාහන ලක්ෂ 90ක දත්ත තොරතුරු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඇතුළු ආයතන භාරයට ගෙන තිබේ.
දීර්ඝ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බවට පැවසෙන වංචා සහ දූෂණ සෙවීම සඳහා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදුන් නියෝගයකට අනුව පසුගිය ඔක්තෝබර් 29 වැනිදා මෙම මෙහෙයුම ආරම්භ කෙරිණි.
මෙම මෙහෙයුම සඳහා වලාන ප්‍රහාරක බළකායට අමතරව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT), ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශයේ (UCSC) විශේෂඥයින් ද එක්ව සිටිති.
මෙරටට නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහන ගෙන්වීම සහ ලියාපදිංචි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පසුගියදා පොලීසිය විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර ඇත.

ස්ටිකී රයිස් සහ ජස්මින් රයිස් සඳහා රු.65ට තිබූ බද්ද වෙනුවට රු.280ක වැඩි බද්දක්
පවුල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි
අද කාලගුණ නිවේදනය
අකුරණ, කුඩුගල වෙළෙඳසැලක ගින්නක්
විදුලි ගාස්තුව ඉහළට?
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ අධිකරණයට
අද කාලගුණ නිවේදනය
අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ අයගේ නම් බලා ගැනීමට QR කේත ක්‍රමයක්
ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව බලශක්ති ඇමති පහදයි
රජයේ සේවකයින්ට මෙදා අයවැයෙන් ගජ වාසි! අවම වැටුප් වැඩිවීම 20,000ක්!
NPP මන්ත්‍රී සමඟ ඇති වූ සිද්ධියට අදාළ නඩුවෙන් සූරියකන්ද පොලිස් කොස්තාපල් නිදහස්