ලෝක පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා වීඩියෝ පටයක් නිකුත් කරමින් 41 හැවිරිදි වියේ පසුවන රොනාල්ඩෝ මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.
මෙම මසට යෙදී ඇති ජාත්‍යන්තර තරග විරාමයෙන් අනතුරුව තමන් පෘතුගාල ජාතික කණ්ඩායමේ ‘අංක 7 ජර්සිය ආපසු භාර දෙන’ බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
2003 වසරේ දී කසකස්තානයට එරෙහිව එවක 18 හැවිරිදි යෞවනයකු ලෙස පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසියේය.
එතැන් පටන් වසර 23ක ජාත්‍යන්තර පාපන්දු දිවිය තුළ ඔහු පෘතුගාලය වෙනුවෙන් තරග 234කට සහභාගි වී ගෝල 146ක් වාර්තා කිරීමට සමත්විය.
ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා වැඩිම වාර ගණනක් සහභාගී වීම මෙන්ම, වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවක් වාර්තා කිරීම යන අංශ දෙකෙහිම ලෝක වාර්තාව අදටත් රොනාල්ඩෝ සතු වීම විශේෂත්වයකි.
එසේම පාපන්දු ක්‍රීඩකයෙකුට තම ක්‍රීඩා දිවිය තුළ ලැබිය හැකි ඉහළම ඇගයීම වන කීර්තිමත් ‘බැලොන් ඩියෝර්’ (Ballon d’Or) සම්මානය ඔහු අවස්ථා 5කදී දිනාගෙන ඇත.

අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ලක්ෂ 11ක් ගෙවයි
අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!
ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කරන්න QR කේත ක්‍රමයක්
ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට රැගෙන එයි
නියම වූ දඩ මුදලේ ඉතිරි ලක්ෂ 90ක මුදල ගෙවීමට ප්‍රසන්න රණතුංග සහන කාලයක් ඉල්ලයි
දින 2ක් තුළ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පිම්මක් පනී
පාතාලයෙකු ලෙස පෙනී ඉඳමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා මරණ තර්ජන කළ 9 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් මාට්ටු
මහර ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි
මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
දකුණු මුහුදේ කළ වැටලීමකින් රුපියල් බිලියන 4.2ක් වටිනා අයිස් සහ හෙරොයින් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!