කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්රධාන මහේස්ත්රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය.
අදාළ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඒ සම්බන්ධයෙන් ලබන 20 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
නවීන මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය නිසි ලෙස තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වරුණි බෝගහවත්ත මහත්මිය CID මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මාතර සමූපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ඇප ලැබුණු රෝහිත බෝගොල්ලාගම යළි බන්ධනාගාරයට
චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
ප්රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නාමල් අධිකරණයට
ඉන්ධන හිඟයක් ගැන පැතිරෙන ප්රචාරයන්ට ඛනිජ තෙල් සංස්ථාවෙන් පිළිතුරු
‘කයිවාරු මුතූ’ ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට
ශ්රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය පැවැත්වෙන ක්රීඩාංගණයේ වෙනසක්
අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ලක්ෂ 11ක් ගෙවයි
අම්මාන්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!
ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කරන්න QR කේත ක්රමයක්
ඉන්දියාවේදී අභාවප්රාප්ත වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට රැගෙන එයි