Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉදිරි අයවැයෙන් ජනතාවට ලැබෙන්න යන දැවැන්ත සහනය

6 hours ago

ඉදිරි අයවැය තුළින් ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (07) කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින්.

එමෙන්ම, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ අදහස් ඉදිරිපත් කරන පාර්ශ්ව සහ සමාජ සංවිධාන සමග සාකච්ඡා කර පුළුල් එකඟතාවකට පැමිණීමෙන් තොරව ඒවා පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

තවද, මෙරට ඓතිහාසික පවුරු පදනම් අතහැර දමා කිසිදිනක රට ගොඩනැගීමට කටයුතු නොකරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ සහ රටේ අනාගත ගමන්මග පිළිබඳව දේශපාලනික හා සමාජීය වශයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *