Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙණියායේ කැලේදොළට සිව්දෙනෙක් බිලිවෙයි

1 minute ago

දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ කැලේදොළේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව්දෙනාගෙම සිරුරු සොයාගෙන තිබේ.

කොල්ලුපිටියේ පෞද්ගලික පරිගණක ආයතනයක රැකියාවේ නියුතු තරුණයන් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ (07) දින දෙණියාය, බෙවරලිය ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා පැමිණ තිබුණි.

එහිදී එම පිරිසෙන් 6 දෙනෙකු කැලේදොළ ප්‍රදේශයේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබුණි.

ඒ අනුව  නාවික හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර ඒ අනුව අද (08) පෙරවරුවේ මළ සිරුරු දෙකක් සොයාගත් අතර, ඉන්පසුව පස්වරුවේ තවත් අයෙකුගේ සිරුරක්  සොයාගෙන තිබුණි.

සිදුකළ අඛණ්ඩ මෙහෙයුම් හමුවේ අතුරුදන්ව සිටි අනෙක් තරුණයාගේ ද සිරුර සොයාගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *