අම්පාර – පානම ප්‍රදේශයේ පිහිටි ජාතික පාසලක අවුරුදු 05ක් වයසැති පළමු ශ්‍රේණියේ දැරියකගේ කනට දරුණු ලෙස පහරදුන් සිද්ධියකට අදාළව පන්ති භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය විසින් තවත් දරුවෙකුගේ අත සපා කෑම නිසා ඊට දඬුවම් ලෙස අදාළ ගුරුවරිය පසුගිය 10 වනදා දැරියගේ කණට පහර දී ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
ගුරුවරියගේ පහරකෑමට ලක්වූ දරුවා පානම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දී දරුවාගේ කණෙන් රුධිරය වහනය වූ නිසා පොතුවිල් මූලික රෝහලට ඇතුලත් කර තිබිය දී නාසයෙන් ද රුධිරය වහනය වීමත් සමග අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විටත් දැරිය එම රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වෙනවා.
මේ පිළිබඳව පොලීසියට මෙන්ම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ද පැමිණිලි ලැබී ඇති අතර, 54 හැවිරිදි සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා