කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක් එල්ල කළ වෙඩි පහරකින් ගම්පොළ පන්විලතැන්න නිවසක සිටි පාසල් සිසුවකු වෙඩිවැදී ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි වැදී නිවසේ සිටි රොට්වයලර් වර්ගයේ සුනඛයකු මිය ගොස් ඇති අතර නිවසේ වහලය ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි පහරවල් දක්නට තිබේ.
ගම්පොල කොට්ඨාස බාර වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අද 21 අලුයම 5.40 පහට මෙම නිවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනකු රෝහල් ගත කර තිබේ. ඔවුන් බල්ලාගේ සපාකෑමට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සුනඛයා සපා කෑම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. කිසිදු සැකකටයුතු දෙයක් සොයාගෙන නැත.(ලංකාදීප)


නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට
‘බටුවත්තේ චාමර’ගේ මිලියන ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කෙරේ!
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
අධි වෝල්ටීයතා මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින ලෙස NSO වෙතින් හදිසි ඉල්ලීමක්!
සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා